தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
අත්තනෝමතික පාලනයට එරෙහිව අග්නිදිග සරසවි සිසුන් අඛණ්ඩ අරගලයක « Lanka Views | Views of the truth

අත්තනෝමතික පාලනයට එරෙහිව අග්නිදිග සරසවි සිසුන් අඛණ්ඩ අරගලයක



අසාධාරණ පන්ති තහනම් ඉවත් කර සියළු සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස පාලනාධිකාරියට බල කරමින් අග්නිදිග සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අම්පාර නගර මධ්‍යයේ ආරම්භ කරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහය සිවුවන දිනටත් අද(27) දින ක්‍රියාත්මක විය.

අග්නිදිග සරසවි තාක්ෂණික පීඨයයෙහි නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් නිර්මාණය කරනලද සැරසිල්ලක් පාදක කරගනිමින් පාලනාධිකාරිය විසින් 2016 දෙසැම්බර් 06වන දින සිසු ක්‍රියාකාරීන් 55දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබු අතර අදාළ අසාධාරණ පන්ති තහනම් සහ අත්තනෝමතිකත්වයට විරෝධය පළකරමින් අග්නිදිග සරසවි සිසුන් විසින් සරසවිය ඉදිරිපිට ආරම්භ කරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහ මේ වන විට දින 237ක් ඉක්මවා යමින් පවති.

මෙම අරගලය හේතුවෙන් පාලනාධිකාරියට නිහඬ පිළිවෙතක් අනුගමනය කල නොහැකි තත්වයක් දක්වා විරෝධයන් වර්ධනය වීම හේතුවෙන් මර්දනය නැවත වටයකින් කැඳවමින් කළමනාකරණ හා වාණිජ පීඨයේ සිසුන් විශාල පිරිසකට දේශන සහභාගීත්වයක් පදනම් කර ගනිමින් විභාග අයිතියද අහිමි කිරීමට කටයුතු කර තිබු අතර එම ක්‍රියාවලියටද සාමුහික විරෝධය දක්වමින් සියළු සිසුන් විසින් විභාග වර්ජනයක් ආරම්භ කරන ලදි.

එම විභාග වර්ජනය සඳහාද මේ වන විට මාසයක කාලයක් ඉක්මවා ගොස් ඇත. තත්වය මෙසේ තිබියදී විශ්වවිද්‍යාල පාලනාධිකාරය විසින් නව අර්ධ අධ්‍යන වර්ෂයට අදාළ අධ්‍යන කටයුතු ආරම්භ කොට ඇති අතර ඒ හරහාද සිසුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

මෙලෙස සිසු අයිතීන් උදුරා ගනිමින් අත්තනෝමතික ලෙස සිසුන් පාලනය කිරීමට කටයුතු කරන පාලනාධිකාරියට එරෙහිව විරෝධය දක්වමින් ගැටළු විසඳා සිසුන්ගේ අධ්‍යාපන අයිතීන්, විභාග අයිතීන් තහවුරු කරගන්නා තෙක් සහ අසාධාරණ 80% ප්‍රතිපත්තිය තුලින් සිසුන්ට එරෙහි පලිගැනීම් නතර කරන තෙක් ශිෂ්‍යයන් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නියැලෙන බව එම අග්නිදිග සරසවි සිසුන් අවධාරණය කර සිටී.

මෙම අසාධාරණ ක්‍රියාපිළිවෙත පිළබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අදහස් දක්වමින්

නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල පවතින ගැටළු සම්බන්දව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස ගත් මාධ්‍ය සාකච්චාවේදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා.

Posted by Inter University Students' Federation on Sunday, August 27, 2017