Posted on 09.07.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පාසල් සිසුන් සඳහා අලුතින් ලබා දීමට නියමිත රක්ෂණාවරණය සඳහා වන ගිවිසුම අද(07) දින අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මේ අනුව වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා මෙම රක්ෂණය සඳහා හිමිකම් ලබන බව පැවසේ.
කෙසේ වෙතත් ආණ්ඩුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින දහසක් එකක් ගැටළු විසඳීම පසෙකලා මෙවැනි ව්‍යාපෘති සඳහා රාජ්‍ය මුදල් අනවශ්‍ය ලෙස වෙන් කරමින් ඇත.
බැලු බැල්මට මෙම රක්ෂණාවරණ ලබා දීම ජනතාව වෙනුවෙන් සිදුකරන ලද යහපත් වූ ප්‍රතිසංස්කරණයක් ලෙස පෙනෙන්නට තිබුණද පැහැදිලිවම මේ පිටුපස සුබසාධන වියදම් කප්පාදු කිරීමේ අධිරාජ්‍යවාදී දීර්ඝ කාලීන ව්‍යාපෘතිය අන්තර්ගතව ඇති බව ආණ්ඩුවේ හැසිරීමෙන්ම මනාවට පැහැදිලි කර ගත හැක. එනම් ඉදිරියේදී පාසල් සිසුන් නිදහස් සෞඛ්‍ය සේවාවෙන් පිටමන් කිරීමේ අතිශය දරුණු ආණ්ඩුවේ වුවමනාව මේ තුල සැඟව ඇති බව පැහැදිලිය.