Posted on 08.28.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ගුරුවරුන් පුහුණුවන අධයාපන විද්‍යාපීඨවල පුහුණු කාල සීමාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් අවිධිමත් සහ අත්තනෝමතික අයුරින් අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම කාල සීමා සංශෝධනය දැනට අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවා ගෙන ඇති සිසුන්ගෙන් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර මේ වන විට එම සිසුන් අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඇතුලත් වී වසරකට අධික කාලයක් ගොස් ඇති බව පැවසේ.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනයේ සඳහන් ව තිබුනේ ”ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු පූර්වසේවා ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවන් හැදෑරීම සඳහා ශික්ෂණලාභීන් ඇතුලත් කර ගැනීම” යනුවෙනි. එමෙන්ම එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති පරිදි මෙහි කාල සීමාව වසර 3ක් ලෙස සඳහන්ව ඇති අතර එය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක නේවාසික වසර දෙකක අභ්‍යන්තර පුහුණුවක් සහ පාසලකට අනුයුක්තව වසරක සීමාවාසික පුහුණුවක් ලෙස දක්වා ඇත. එමෙන්ම එම වසර දෙක අවසානයේ පවත්වන විභාගය සඳහා 90%ක දේශන සහභාගීත්වය අනිවාර්ය කර ඇත.
ඒ අනුව අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණු කාල සීමාවන් යම් විද්‍යානුකූල පදනමකින් තීරණය කර මේ දක්වා පවත්වාගෙන ගොස් ඇති අතර එම කාලය මෙලෙස අඩු කිරීමට තීරණය කිරීම සම්බන්ධව බරපතල ගැටළු රාශියක් මතු වෙමින් පවතී.
මෙම කප්පාදු කිරීම සඳහා මූලික හේතුව ලෙස අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ රටේ පවතින විශාල ගුරු හිඟය සහ 2015 සහ 2016 වසරවල උසස්පෙළ සමතුන් කඩිනමින් විද්‍යාපීඨ වෙත බඳවා ගත යුතු බවය. මෙම තීරණය සම්බන්ධව එක් පසෙකින් ආණ්ඩුව විසින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදු කරමින් යන දැවැන්ත ඛේදවාචකය පිළිබඳව යම් ඉඟියක් ලබා දෙමින් සිටී. ඒ ගුරුවරුන්, බ්‍රොයිලර් කුකුළන් මෙන් ඉක්මනින් නිපදවීමට උත්සුක වීමයි. අනෙක් පසින් මේ හරහා විශාල ප්‍රතිපාදන කප්පාදුවක් සිදු කිරීමටද ආණ්ඩුවට හැකියාව ලැබෙන බව පැහැදිලිය.
අධ්‍යාපන විද්‍යාපීඨවල වසර දෙකක නේවාසික පුහුණුවකින් සිදු කිරීමට පවා අසීරු විෂයන් 15කට අදාළ පැවරුම් මෙම කාල සීමා කප්පාදු කිරීම හේතුවෙන් මේ වන විටත් කථිකාචාර්යවරුන්ගේ දැඩි හිඟය සහ වෙනත් සුබසාධන ගැටළු රාශියකින් පීඩා විදිමින් සිය අධ්‍යයන කටයුතු කරමින් සිටින සිසුන් තවත් පීඩාවට පත්කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව පසුගිය වසර මැද කාලය තුලදී බඳවා ගත් වසර දෙකක නේවාසික විද්‍යාපීඨ සිසුන් මෙම වසර අවසාන වන විට කෙසේ හෝ අදාළ අභ්‍යන්තර පුහුණුව අවසන් කරමින් සීමාවාසික පුහුණුව සඳහා යොමු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.