தமிழ்
English
Contact
Sunday 29th October 2017    
දුර්වල බව පවසා ශිෂ්‍යයන්ට විභාග අවස්ථා අහිමි කිරීම අසාධාරණයි – ලංකා ගුරු සංගමය « Lanka Views | Views of the truth

දුර්වල බව පවසා ශිෂ්‍යයන්ට විභාග අවස්ථා අහිමි කිරීම අසාධාරණයි – ලංකා ගුරු සංගමය



විභාග සමත්වීමේ ප්‍රතිශතය ඉහළගොස් ඇති බව පෙන්වීමේ අරමුණින් ඇතැම් පාසල් වල තෝරාගත් සිසුන් හට විභාග අවස්ථා අහිමි කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

මෙලෙස සිසුන් දුර්වල ලෙස සලකා එම සිසුන්ට හිමි විය යුතුව තිබු විභාග අවස්ථා අහිමි කරීමට බලධාරීන් ක්‍රියා කර ඇති බවත් එම ක්‍රියාව අතිශය අසාධාරණ ක්‍රියාවක් බවත් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරන ලදි.