Posted on 08.25.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සභාපතිවරයකු මාස දෙකකට ආසන්න කාලයක් ගතවනතුරු පත් නොකිරීම හේතුවෙන් මේ වන විට එහි කාර්යන් අඩාල වී ඇති බව වාර්තා වේ.
පසුගිය ජුනි මස 30වන දා මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු නැවත එම ධූරය සඳහා මේ වන තෙක්ම පත් කිරීමක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් මෙම ගැටළු උද්ගත වී ඇත.
විශේෂයෙන්ම වෛද්‍ය සභාව විසින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාලව සිදු කරන පැමිණිලි විභාග කිරීම් මුළුමනින්ම නතර වී ඇති බවත් තවත් කාර්යන් කිහිපයක්ම අකර්මන්‍ය වී ඇති බවත් පැවසේ.
SAITM ගැටළුව සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ආණ්ඩුව විසින් වෛද්‍ය සභාවේ සභාපති ධූරය සඳහා සයිටම්වාදියෙකු පත් කිරීමට සැරසෙන බවට පාර්ශව ගණනාවක් චෝදනා කර සිටි අතර එම පාර්ශවයන්ගේ බලවත් විරෝධතා මධ්‍යයේ එම උත්සාහය මේ වන තෙක් ක්‍රියාත්මක කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වී ඇත.
මින් පෙර සභාපතිවරයා ලෙස සිටි මහාචාර්ය කළෝ ෆොන්සේකා SAITM ආයතනයට දැඩි ලෙස විරෝධය පළකරමින් වඩා සාධාරණ ලෙස කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුව නැවතත් එවැනි අවදානමක් ගැනීමට සුදානම් නොමැති බවත් SAITM ගැටළුව යට ගැසීම වෙනුවෙන් වෛද්‍ය සභාවේ අකර්මන්‍යතාවද යොදා ගනිමින් සිටින බවත් මේ තුළින් පැහැදිලිව දක්නට ඇත.