Posted on 08.24.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ඖෂධ 48ක මිල අඩු කල බව පවසා ජනතා මුදල් මිලියන ගණනින් වියදම් කරමින් දැන්වීම ප්‍රචාරය කල සෞඛ්‍ය ආමාත්‍යවරයා ඖෂධ මිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
ඊයේ(23) මරදාන CSR ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කරන ලදි.
ඖෂධ අලෙවිසැලකට ලබාගත හැකි ලාභය 13% සිට 19% දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බවත්, ඖෂධ අලෙවිසැල් ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමා ඒ වෙනුවට ලාභය වැඩි කිරීම සඳහා අලෙවිසැල් හිමියන්ට අවස්තාවක් ලබා දී ඇති බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක ප්‍රකාශ කරන ලදි.