Posted on 08.28.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සීමාවාසික වෛද්‍යවරුන් වෙත දින 04ක පුහුණුවක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාශය මීට පෙර ලබා දුන් ප්‍රතිපාදන කප්පාදු කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස පත්වීම් ලැබීමට ප්‍රථමයෙන් සෞඛ්‍ය ආමාත්‍යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාබද්ධව සිදු කරන ලබන මෙම පුහුණු වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය පහසුකම් සම්පාදනය නොකරන තත්වයකට පත්ව ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.
පසුගියදා අමාත්‍යංශය ලබා දුන් මුදල් පදනම් විරහිතව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කටයුතු වෙනුවෙන් ලබා දීමෙන් සැපයුම් හා සේවා බිඳ වැටීමේ අවදානමකටද මේ වන විට රජයේ රෝහල් මුහුණ දෙමින් ඇත. ආණ්ඩුව දිගින් දිගටම නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කරමින් පෞද්ගලීකරණය වෙනුවෙන් උපරිමයෙන් මැදිහත්වෙමින් කටයුතු කරන අතර රාජ්‍ය කටයුතු වෙනුවෙන් වෘත්තීය සමිතිවල නිල මැදිහත් වීමද ක්‍රමයෙන් ඉවත් කරමින් අත්තනෝමතිකව කටයුතු කරන බව ආණ්ඩුවේ මැදිහත්වීම් තුලින් පැහැදිලිව දක්නට ඇත.