Posted on 08.24.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සුදානම් පවතින බව වාර්තා වේ.
රජයේ තක්සේරුව වඩා අඩු මුදලකට මෝදර ධීවර වරාය බදුදීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පවතින පරීක්‍ෂණ මඟහැරයාම ඇතුළු චෝදනා හතක් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව සඳහන් වේ.
මේ අනුව අද(24) දින එම යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම යෝජනාව සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇති අතර ඉදිරියේදී එම යෝජනාව කතානායකවරයාට ලබා දීමට කටයුතු කරන බව පැවසේ.