தமிழ்
English
Contact
Wednesday 27th September 2017    
රයන් පැහැර ගෙන යාමට බාධා කළවුන් ගැනත් පොලිස් පරික්ෂණයක් « Lanka Views | Views of the truth

රයන් පැහැර ගෙන යාමට බාධා කළවුන් ගැනත් පොලිස් පරික්ෂණයක්



වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් පැහැර ගැනීමට තැත් කිරීමේදී ඊට බාධා කළ පිරිස් පිළිබඳව විශේෂ විමර්ශණයක් ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද(23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

රයන් ජයලත් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් වරෙන්තු නිකුත් කොට තිබූ බවත් පොදු දේපල පනත යටතේ සිදු කරන වැරදි සම්බන්ධයෙන් සැක කරුවෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් රාජකාරීමය අඩුපාඩුවක්, අතපසුවීමක් සිදුව තිබේ නම් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙත ලිඛිත ඉල්ලීමක් කොට ඇති අතර එම වාර්තාවද ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බවද පොලිස් මාධය ප්‍රකාශක පැවසීය.

රයන් ජයලත් පැහැරගැනීමට තැත් කිරිම අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ලෙස දක්වමින් තවදුරටත් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රාජකාරි කරනුයේ සිවිල් ඇඳුමෙන් බව කීය. ඔවුන් නිල පොලිස් හැඳුනුම්පත් සහිත බව ද ඔවුන්ට අදාල රාජකාරි සදහා අධිකාරී බලයක් පවරා ඇතැයි ද කියා සිටියේය.