Posted on 09.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගුවන් හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් අද(01) වවුනියාව ගුවන් හමුදා මූලස්ථානයේ සංවිධානය කළ ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණකෙළිය පවත්වන්නේ සංහිඳියාවෙන් සපිරි රටක් ගොඩනැගීමේ ගුවන් හමුදා මෙහෙවර යන තේමාව යටතේ බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
වවුනියාව ගුවන් හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පතිගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සංදර්ශණය හා ප්‍රදර්ශණය තුන්දිනක් තිස්සේ පවත්වන බව ගුවන් හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. එපමණක් නොව ගුවන් හමුදාවට එක්වන්න බලාපොරොත්තුවෙන් සිටින උතුරු පළාතේ තරුණ තරුණියන් වෙත එක්වීම සඳහා ජාතික හමුදාවක් ලෙස සිදුකළ හැකි කර්යයන් හඳුන්වාදීම මෙම ප්‍රෙද්ශය ඒ සදහා තෝරාගැනීමේ ප‍්‍රධාන අරමුණ බවද කියැවේ. ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ක‍්‍රියාකාරකම් ඇතුලත් සජීවී සංදර්ශණ, පැරෂුට් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, සරඹ සහ තූර්ය වාදන සංදර්ශන, වෙළඳ කුටි සහ රාත‍්‍රි සංගීත සංදර්ශණ ඇතුළු අංගයන් රැසක් ඉදිරිපත් කොට ඇති අතර මෙම ප‍්‍රදර්ශනය හා සැණකෙලිය අගෝස්තු මස 01 දින සිට 03 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
තමන් මතට බෝම්බ හෙලු ගුවන් යානාවල සංදර්ශන දැකීමෙන් උතුරේ ජනයා අරමුනු කරගන්නා සංහිදියාව කුමක්දැයි ප්‍රශ්නයක් මතු වේ. යුද්ධය අවසන්ව වසර 8ක් ගෙවී තිබියදී මේ වනවිටත් වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා යාපනය ජනයා අතුරුදන් වූවන් සොයා යාම, දේශපාලන සිරකරුවන්ව සිටින සිය ඥාතින් නිදහස් කරගැනීම සහ මිලිටරිකරණයට යට වූ සිය ගම්බිම්වල නිදහසේ ජිවත්වීම වෙනුවෙන් දුෂ්කරතාවන්ට ගොදුරුව සිටිති. අතුරුදන්වූවන් සොයා දෙන ලෙසත් එසේත් නැත්නම් තම දරුවන්ට සිදු වු ඉරණම පිළිබද සත්‍ය හෙලිදරව් කරන්නට මැදිහත්වන ලෙසත් ඔවුහු ආන්ඩුවට බල කරති. ඒ වෙනුවට ආණ්ඩුව විසින් වේදිකාවල කරන ප්‍රකාශ හා සංදර්ශනවලින් ජනතාවගේ ඇත්ත ගැටලු යටපත් කරමින් සිටී.
