தமிழ்
English
Contact
Monday 23rd October 2017    
දිළිදුකමේ ලජ්ජාව 2020දි නැතිකරන හැටි රනිල් කියයි ! « Lanka Views | Views of the truth

දිළිදුකමේ ලජ්ජාව 2020දි නැතිකරන හැටි රනිල් කියයි !



ආදායම් අඩු රටක් ලෙස ලංකාව පැවතීම ලැජ්ජාවට කරුණක් නිසා ඉහළ ආදායමක් සහිත රටක් බවට පත්කිරීෙම් සැලසුම් ක්රිෂයාත්මක කරන බව අගමැති රනිල් වික්ර මසිංහ පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද(31) පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට සහභාගී වෙමිනි. 2015 දී බාර ගන්නට සිදු වූයේ ණය බරින් කඩා වැටුණ රටක් බව කී ඔහු සෑම පළාතක් තුළම කුමන හෝ රටක ආයෝජනයක් අැතිකිරීමට කටයුතු කරමින් තිබෙන බවද කීය. මේ වනවිට රට පුරා අක්කර 1000 ප්‍රමාණයේ කර්මාන්ත කලාප ඇති කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඉදිරියේ දී ඒම කර්මාන්ත සදහා අවශ්‍ය ගෑස් විදුලිබලාගාර 2ක් ඇති කිරීමට ද බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා පැවසීය.
අාදායම් ඉහළ රටක් බවට පත් කිරීමේ අරමුණින් ප්‍රධාන පක්ෂ දෙක එක් වු බව කී අගමැතිවරයා එය 2020 දී සම්පූර්ණ කරන බව වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර චම්පික රණවක අැමතිවරයා පසුගියදා පවසා තිබුණේ 2020 වනවිට කොළඹ නගරයේ වාසය කරන පැල්පත්වාසී ජනතාව ඉවත්කරන්නට සැලසුම් සකස් කර අැති බවයි. කොළඹ නගරයේ අඩු අාදායම්ලාභී ජනයා සිය නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම අාරම්භ කෙරුණේ රාජපක්ෂ අාණ්ඩුව කාලයේදීමය.
මේ වනවිට රටපුරා ඉඩම් අක්කර 95000ක් විදේශීය සමාගම්වලට පැවරීමට කටයුතු කිරීම නිසා විෙරා්ධතා පැන නැගී අැත. අාදායම් ඉපදවීම සදහා ගොවි ජනතාව වගාකරණ ඉඩම් සමාගම් සතුකිරීම ඒම විරෝධතාවන්ට හේතුවයි. 2020 වනවිට රට ඉහළ අාදායම් ලබන රටක් බවට පත්කරන්නේ නාගරික ජනයා බලහත්කාරයේ තට්ටු නිවාසවල ගාල්කරමින් බව පැහැදිලිවේ. මේ අතර අාණ්ඩුව විදේශ අායෝජකයන්ට ඉඩ දෙන්නේ ගොවි ජනතාව ඉඩම් අහිමි දිලින්දන් බවට පත්කරමින්ද යන්න ගොවි අරගල මධ්යඩස්ථානය විසින් ප්‍රශ්න කර තිබිණී.