தமிழ்
English
Contact
Tuesday 29th August 2017    
පාරම්පරික ගොවි ඉඩම් වෙනුවෙන් සටන් කල ඇතිමලේ ගොවීන්ට නඩු « Lanka Views | Views of the truth

පාරම්පරික ගොවි ඉඩම් වෙනුවෙන් සටන් කල ඇතිමලේ ගොවීන්ට නඩු



මොනරාගල, ඇතිමලේ-වත්තේගම ප්‍රදේශයේ පිහිටි පාරම්පරික ගොවි ඉඩම් අක්කර 200කට අධික ප්‍රමාණයක් මැලිබන් සීමිත පුද්ගලික සමාගමට විකුණා දැමීමට විරෝධය දක්වමින් කටයුතු කිරීම සම්බන්ධව පොලිසිය විසින් නඩුවක් ගොනු කිරීමට කටයුතු ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට(25) දිනයේදී අධිකරණය හමුවට පැමිණෙන ලෙස මෙම ගොවීන්ට කැඳවීම් ලබා දී ඇත.

මෙම පාරම්පරික ගොවි ඉඩම් වත්තේගම රජ මහා විහාරයේ-විහාරාධිපති හිමියන් විසින් මෙම සමාගමට විකුණා ඇති අතර එම සමාගම විසින් මෙම ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කිරීමේදී ගොවීන් විසින් ඊයේ දිනයේ දී සිය ඉඩම්වලට මැදිහත්වෙමින් විරෝධය පලකරන ලදි.

එයට එරෙහි වෙමින් පොලිසිය මැදිහත් වීමට උත්සාහ කරද ගොවීන් දිගින් දිගටම සිය ඉඩම් තුල රැදී සිටිමින් මෙම අත්පත් කර ගැනීමට එරෙහි වී තිබුණි.

කෙසේ වෙතත් අද(24) දිනයේ ගොවි අරගල මධ්‍යස්ථානයේ සාමාජිකයින් ඇතුළු ගොවීන් 12 දෙනෙකු ඇතිමලේ පොලිසියට කැඳවීමක් කර තිබු අතර එහිදී සිය පාරම්පරික ඉඩම් අයිතිය ඉල්ලා ගොවීන් කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස නඩුවක් ගොනු කිරීමට කටයුතු කර ඇති බව පැවසේ.

වත්තේගම රජ මහා විහාරයේ-විහාරාධිපති හිමියන් මෙම ගැටළුව මඟහරිමින් කටයුතු කරන බවට ගොවීන් චෝදනා කරන අතර පාරම්පරිකව දීර්ඝ කාලයක් ගොවිතැන් කල මෙම ඉඩම් වල සැබෑ හිමිකාරිත්වය භුක්තියේන් මෙම ගොවීන් සතු විය යුතු බව නොරහසකි.