தமிழ்
English
Contact
Monday 28th August 2017    
සිය අයිතීය වෙනුවෙන් පෙනී සිටි ඇතිමලේ ගොවීන්ට පොලීසියෙන් චෝදනා ගොනු කරයි « Lanka Views | Views of the truth

සිය අයිතීය වෙනුවෙන් පෙනී සිටි ඇතිමලේ ගොවීන්ට පොලීසියෙන් චෝදනා ගොනු කරයි



මොනරාගල, ඇතිමලේ-වත්තේගම ප්‍රදේශයේ පිහිටි පාරම්පරික ගොවි ඉඩම් අක්කර 200කට අධික ප්‍රමාණයක් මැලිබන් සීමිත පුද්ගලික සමාගමට විකුණා දැමීමට විරෝධය දක්වමින් සිය අයිතිය වෙනුවෙන් පෙනී සිටි ගොවීන්ට අද(25) දින සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඇතිමලේ පොලීසිය විසින් චෝදනා ගොනු කරන ලදි.

ඒ අනුව අයුතු ඇතුල්වීම සහ රුපියල් ලක්ෂයකට ආසන්න දේපලකට අලාභහානි කල බව පවසමින් ගොවි අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් ඇතුළු 25දෙනෙකුට මෙලෙස චෝදනා ගොනු කර තිබුණි.

ඊයේ දිනයේදී සියළු පාර්ෂව විසින් සිදු කරන ලද සාකච්ඡාවේදි පොලීසිය පවසා තිබුනේ මෙය ආරවුලක් ලෙස සලකා කටයුතු කරන බවත්, එම ආරවුල සම්බන්ධයෙන් ගොවීන් 12දෙනෙක් සහ මැලිබන් සීමිත සමාගමට නඩුවක් සම්බන්ධයෙන් කැඳවීම් කරන බවත්ය. එහෙත් මෙම නඩුව මුළුමනින්ම අදාළ සමාගමේ පැමිණිල්ල මත ගොවීන්ට එරෙහිව පොලීසිය විසින් මැදිහත්වූ නඩුවක් ලෙස අද දිනයේදී මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

පැමිණිලිකාර සමාගම විසින් මෙම ගොවීන්ට අදාළ භූමි ප්‍රදේශයට ඇතුල්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබු අතර එම ඉල්ලීම ප්‍රතික්ශේප කරමින් අද දින ඉදිරිපත්ව සිටි ගොවි අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් ඇතුළු ගොවීන් 13 දෙනෙක්, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මුදා හැරීමට නියෝග කරමින් ඉතිරි පිරිසට කැඳවීම් නිකුත් කර මෙම නඩුව එළඹෙන 13වන දින දක්වා කල් දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදි.