Posted on 08.28.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
දුම්රිය සේවකයින් දිගින් දිගටම වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවද පෞද්ගලීකරණය කිරීමට සිදු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරන ලදි.
ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනේ නව දුම්රිය සමාන්‍යධිකාරිවරයා ලෙස එස්.එම්. අබේවික්‍රම තනතුරේ වැඩ භාරගත් අවස්ථාවට සහභාගි වෙමිනි.
ආණ්ඩුවේම නොහැකියාව සහ ප්‍රතිපත්තිමය ක්‍රියාත්මකවීම් තුළින් රාජ්‍ය අංශයේ මතුවෙමින් පවතින ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් සිය අයිතියක් වූ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළැඹීමේදී එම ගැටළු විසදීම පසෙකලා අදාළ වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වී ඇති බව නොරහසකි. එමෙන්ම සිය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමද රාජ්‍ය අංශය හකුලමින් ආණ්ඩුව සිදුකරන පෞද්ගලීකරණ ක්‍රියා පිළිවෙත සාධාරණීකරනය කිරීමට ඉතා නිර්ලජ්ජිත අයුරින් භාවිත කරමින් සිටින බවද මෙවැනි ප්‍රකාෂ හරහා මනාව පැහැදිලි වේ.