Posted on 08.25.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සිය සේවය ස්ථිර කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු සේවකයින් 07 දෙනෙකු අද(25) දින වවුනියාවේ සිට කොළඹ දක්වා පා ගමනක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතාකරුවන් විසින් කොළඹ දක්වා පාගමින් පැමිණ ජනාධිපතිවරයා වෙත සන්දේශයක්ද භාර දීමට සුදානම් ව ඇති බව පැවසේ.
පොලිස් දෙපාර්තමේන්තුව විසින් අදාළ සේවකයින් සේවයේ පිහිටුවීම සිදු කර ඇති අතර ඒ හේතුවෙන් මෙම සේවකයින් පිළිබඳව වගකීමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියා නොකරයි. අදාළ රාජකාරීන් දුම්රිය ක්‍ෂේත්‍රයට අදාළ බැවින් පොලිස් දෙපාර්තමේන්තුවද ඒ සම්බන්ධව ක්‍රියා නොක සිටී.
මෙම සේවකයින්ගේ සේවා ස්ථිර කිරීමේ ගැටළුව සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් දිගින් දිගටම කඹ අදිමින් කටයුතු කරමින් සිටින අතර ආණ්ඩුව මේ වනතෙක් ඒ සම්බන්ධ නිසි මැදිහත්වීමකින් කටයුතු කර නොමැත.