தமிழ்
English
Contact
Sunday 8th October 2017    
SAITM විරෝධී සිසු ජන පාගමනට FUTA එක් වේ « Lanka Views | Views of the truth

SAITM විරෝධී සිසු ජන පාගමනට FUTA එක් වේ



මාලඹේ SAITM ආයතනය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසු ගිය 31වන දා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් පේරාදෙණිය සරවියෙන් ආරම්භ කරන ලද දින 5ක පාගමන සඳහා පාර්ශවකරුවකු ලෙස හෙට(04) දිනයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය(FUTA) සම්බන්ධ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අද(03) දින එම සමිති සම්මේලනයේ මධ්‍යම කාරක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව හෙට දින කඩවතින් ආරම්භ කර කොළඹ දක්වා ගමන් කිරීමට අපේක්ෂිත මෙම පාගමන සඳහා සිය සාමාජිකයින් සම්බන්ධ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය(FUTA) පවසයි.