தமிழ்
English
Contact
Sunday 24th September 2017    
ලොක්කන් බන්ධනාගාර රෝහලට රිංගාගැනීමේ චෝදනා වෛද්‍යවරියගේ කරමතින් යයි ! « Lanka Views | Views of the truth

ලොක්කන් බන්ධනාගාර රෝහලට රිංගාගැනීමේ චෝදනා වෛද්‍යවරියගේ කරමතින් යයි !



බන්ධනාගාරගතවන දේශපාලන නායකයන් හදිසියේම බන්ධනාගාර රෝහලට මාරුවීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ වෛද්‍යවරියක් ජාතික රෝහලට මාරු කර යවා ඇත.

මෙසේ ස්ථාන මාරුවක් ලබා ඇති වෛද්‍ය නිර්මලී තේනුවර වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීනිය ලෙස කටයුතු කළාය. වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු 19 දෙනෙකු සෞඛ්‍ය ඇමතිවරයා වෙත කරුණු 26කින් යුතු වාර්තාවක් ඉදිරිපත් කර වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය දෝෂ දර්ෂනයට ලක්කර ඇති අතර එම කරුණු පදනම් කර  එම වෛද්‍යවරියගේ අක්‍රමිකතා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් දියත් කරන ලෙසද වෛද්‍යවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන බලවතුන් සිරගත කිරීමේදී සිදුව ඇති රෝහල්ගත කිරීම්වලට එක් වෛද්‍යවරියක් මත චෝදනා කර අතපිසදා ගැනීමක් සිදුවන බව පෙනී යයි. ඉදිරියටද සිරගතවන බලවතුන් රෝහල්ගත නොවෙන බවට කිසිවකුට සහතිකයක් දිය නොහැකිය.