Posted on 09.20.2017 by Chandana Sirimalwatte in ප්රධාන පුවත් පෙළ with 0 Comments
2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට වාසිදායක ලෙස සිල් රෙදි බෙදීමෙන් රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ වරදට වැරදිකරුවන් ලෙස බරපතළ වැඩ ඇතිව සිරදඩුවම් නියම වූ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට දෙදෙනාට අද (20) ඇප නියම කරනු ලැබිණි.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් ඔවුන්ට ඇප ලබා දුන්නේ ලැබුණු වසර තුනක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමත් සමගය. එහිදී ඔවුන්ගේ අසනීප තත්වය හා අවුරුදු තුනක සිර දඬුවමක් වීම යන සුවිශේෂී කරුණු දෙක සලකා බලා ඇප ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශ කරණ ලදී.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හරින ලදී. විදෙස් ගමන් ද තහනම් කෙරුණු ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියම විය.