Posted on 08.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඕනෑම ආයතනයක දූෂිතයන් සිටින නමුත් බහුතරය දූෂිතයන් ලෙස සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අධිකරණයට අපහාස කළ නිසා නඩු පැවරීමට නීතිඥ සංගමය විසින් ගනු ලැබූ තීරණය මාසික සභා වාරයේදී ඒකමතිකව සම්මත වූ බව එහි සභාපති ජනාධිපති නිතිඥ යු.ආර්. ද සිල්වා පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ‘ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ මාසික සභාවාරයට එක් වූ සාමාජිකයන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් නිතීඥයන්ට, විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව ඒකමතිකව පිළිගෙන තිබෙනවා. සංගමයේ ලේකම් අමල් රන්දෙනිය විසින් නඩු පැවරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවායයි‘ යැයි ද ඔහු පැවසීය.