Posted on 09.13.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
වත්මන් බ්‍රසීල ජනාධිපති මයිකල් ටෙමර්ට එල්ලවී ඇති වංචා දුෂණ චෝදනා සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමර්ශණයක් පැවැත්වීමට තීරණය කිරීමත් සමග ජනාධිපතිවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණය අතර මත භේද උග්‍රවන තත්වයක් උදාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමාගේ කීර්තිය විනාශ කිරීමේ ප්‍රයත්නයක එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිරතව ඇති බවට ජනාධිපතාවරයා විසින් චෝදනා කරමින් ප්‍රකාශයක් ෙම් වනවිට මාධ්‍ය වෙත නිකුත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. පසුගිය කෙටි කාලය තුල බ්‍රසීල ජනාධිපතිවරයාට එරෙහිව එරට ප්‍රධාන ඉදිකිරීම් සමාගමකින් මහා පරිමාණ ලෙස අල්ලස් ලබා ගත් බවට චෝදනාවක් හා එරට ප්‍රධානතම මස් ඇසුරුම් සමාගමේ ප්‍රධානියා විසින් ජනාධිපති මයිකල් ටෙමර් අල්ලස් ගත් බවට සෘජුවම චෝදනා එල්ල කළේය.
එරට ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියා මාර්ගයකට යොමුවිය හැක්කේ එරට කොංග්‍රස් මණ්ඩලයේ තුනෙන් දෙකක අනුමැති ලැබුනු විටය. නමුත් එරට කොංග්‍රස් මණ්ඩලයෙන් එම තුනෙන් දෙකේ අනුමැතිය නොලැඹුනි.
ඉන් පසුව ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවී ඇති මෙම දූෂණ හා අල්ලස් චෝදනා එරට නීතිපති රොඩ්රියෝ ජොනට් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරී මෙන් පසුව ඒ පිළිබදව විමර්ශණයක් කළයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු රොබෙට්රෝ බරෝසෝ නියම කර තිබේ.
ජනාධිපතිවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණය අතර ගැටුම පැන නගින්නේ මෙම විමර්ශනයන් කළයුතු බවට තීරණය කිරීමෙන් පසුවයි.
බ්‍රසීලය යනු දූෂිත දේශපාලඥයින් විශාල වශයෙන් අල්ලස් හා වංචා දූෂණ නිරන්තරයෙන් සිදුකරනු ලබන රටවල් අතරින් එකකි. පසුගිය කාලයේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කොට එක් අයෙකුට වසර 7කට සිර දඩුවම්ද නියම කෙරිනි.