தமிழ்
English
Contact
Monday 25th September 2017    
අර්ජුන් මහේන්ද්‍රන්ගේ නීතිඥයා බැදුම්කර කොමිසමට කොන්දේසි පනවයි ! « Lanka Views | Views of the truth

අර්ජුන් මහේන්ද්‍රන්ගේ නීතිඥයා බැදුම්කර කොමිසමට කොන්දේසි පනවයි !



බැදුම්කර වංචාව සම්බන්ධයෙන් තම සේවාදායක අර්ජුන් මහේන්ද්‍රන්ගේ සාක්ෂිදීම සිදුවන්නේ එය කොමිසමට සහායක් ලෙස සළකන නිසා බව ඔහුගේ නීතිඥවරයා කොමිසම හමුවේ පවසයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සමයේ සිදුව ඇති බැදුම්කර වංචාව පිළිබද විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසම ඉදිරියේ අර්ජුන් මහේන්ද්‍රන් ාක්ෂි දෙන්නට පෙර අදහස් දක්වමින් ජනාධිපති නීතිඥවරයා අද (19)මේ බව කියා සිටියේය.

බැදුම්කර කොමිසමේදී සාක්ෂි දෙන්නට පෙර තම සේවාදායකයා ලංකාවේ පුරවැසියකු නොවන නිසා ඔහුට සාක්ෂි දීම කිසිවකුට බල කළ නොහැකි බවද එසේම අපහාසාත්මක ලෙස ප්‍රශ්න නොකර ඔහුගේ ගෞරවය රැකෙන සේ ප්‍රශ්න කළ යුතු බවද ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා ප්‍රකාශ කර ඇත. එවැනි අපහාසාත්මක ප්‍රශ්න කිරීමක් වුවහොත් සේවාදායකයා සාක්ෂි නොදී පිටව යනු ඇති බව නීතිඥවරයා වැඩිදුරටත් පවසා ඇත.