தமிழ்
English
Contact
Tuesday 29th August 2017    
සයිටම් අර්බුදය ගැන ජනාධිපති සමග තීරණාත්මක සාකච්ඡාව හෙට (25) – GMOA « Lanka Views | Views of the truth

සයිටම් අර්බුදය ගැන ජනාධිපති සමග තීරණාත්මක සාකච්ඡාව හෙට (25) – GMOA



සයිටම් ගැටලුව සම්බන්ධව සියලු පාර්ශ්ව කැදවා සිකුරාදා දහවල් පැවැත්වෙන තීරණාත්මක සකච්ඡාවකට තමන් ජනාධිපතිවරයා හමුවන්නට නියමිත බව රජයේ වෙෙද්‍ය නිලධාරි සංගමය පවසයි. ඊයේ (23) පැවති ජනමාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසුවේ රජයේ වෙෙද්‍ය නිලධාරි සංගමයේ ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ විසිනි.

සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගියදා ජනාදිපතිවරයා අවධානය යොමු කර පසුගියදා තම නියෝජිතයන් කැදවූ බව පවසන ෙෙවද්‍ය අලුත්ගේ සයිටම් අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු විසින් තවත් සිසුන් 300ක් බදවා ගැනීම සම්බන්ධව ඒහිදී අවධානය යොමුකළ බවද පවසයි.

‘අපි කිව්වා නේද ළමයි බදවාගන්න ඒක නවත්වන්න කියලා.?’ යනුවෙන් ජනාධිපතිවරයා ඒහිදී විමසු බව ඔහු ඒහිදී පැවසීය. ඒම තීරණය නීතිමය වශයෙන් බලාත්මක වන්නේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළොත් පමණක් බව තමන් විසින් ජනාධිපතිවරයාට තේරුම් කරදුන් බවද අඩුම ගනනේ ජනාධිපති ලේකම්වරයා විසින් ඒම තීරණය සයිටම් හිමිකරුට දන්වන්නට කටයුතු කරන ලෙස වෙෙද්‍ය සංගමය වශයෙන් තමන් ඉල්ලා සිටි බවද කීය.

මේ අතර සයිටම් විධායක නිලධාරියා වෙඩි තබාගත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයේ වාර්තාව සහ ශිෂ්‍යයන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම සම්බන්ධ සාකච්ඡාවකට අද(24)  නීතිය හා සාමය පිළිබද අැමති සාගල රත්නායක සමග සාකච්ඡා කරන බවද ෙෙවද්‍ය අලුත්ගේ ඒහිදී අනාවරණය කළේය.