Posted on 08.29.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳ තීරණය කිරීම සඳහා රජයේ නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අද(29) දින රැස් වෙන බව පැවසේ.
පසුගිය 25වන දා පැවති සාකච්ඡාවේදි පොරොන්දු වූ පරිදි SAITM ආයතනය අහෝසි කිරීමේ තීන්දුව ඊයේ(28) දිනයේ දි ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව එකඟ වී තිබු අතර මේ වන තෙක් ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම හේතුවෙන් මෙලෙස ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව එම සංගමය පවසයි.
කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශවය සහ රජයේ නිලධාරීන්ගේ සංගමය මෙන්ම අනෙකුත් පාර්ශව කිහිපයක් අතරම අවස්ථා ගණනාවකදී සිදු කරන ලද සාකච්ඡාවන්හි දී ජනාධිපතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් SAITM ආයතනය අහෝසි කිරීමට අදාල පොරොන්දු ගොන්නක් ලබා දීමට කටයුතු කර තිබුණද මේ දක්වා එම එකඟතාවයන් ඉටු කිරීමට ආණ්ඩුව කටයුත් කර නොමැත.
තව දුරටත් සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිමින් ගැටළු විසදීම පසෙකලා කල් ගැනීම හරහා ගැටළු ව්‍යාකූල කරමින් සිටින බව ආණ්ඩුව සිදු කරන මැදිහත්වීම් හරහා පැහැදිලි වේ.