தமிழ்
English
Contact
Friday 26th January 2018    
රාජිත සති දෙකෙන් දෙන බව වෛද්‍ය අධ්‍යාපනය පිළිබද අවම ප්‍රමිතීන් කල් යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රාජිත සති දෙකෙන් දෙන බව වෛද්‍ය අධ්‍යාපනය පිළිබද අවම ප්‍රමිතීන් කල් යයි!



රාජිත සේනාරත්න ඇමතිවරයා සති දෙකකින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව කී වෛද්‍ය අධ්‍යාපනය පිළිබද අවම ප්‍රමිතීන් අවසන් වශයෙන් අනුමත කිරීමට තවදුරටත් කල්ගතවන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ලෝක පරිමාණයෙන් මෙම ප්‍රමිතීන් සකස් කර ඇති බව වෛද්‍ය සභාව හෝ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිවක් නොදැන සිටි නමුත් තමන් සෛෟඛ්‍ය ඇමතිධුරය භාරගත් පසුව ඒ පිළිබද කටයුතු කළ බව රාජිත ඇමතිවරයා ප්‍රකාශ කලේය. කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය නවීන් සොයිසා මේ පිළිබද ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කලේ සෑම සාකච්ඡාවකදීම වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් සති දෙකෙන් ලබාදෙන බව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරන නමුත් එය දින නැතිව කල්යන බවයි. තවමත් සෞඛ්‍ය ඇමතිවරයා කියන ආකාරයේ කෙටුම්පත් ලේඛනයක් තම සංගමයට ලැබී නැති බව ඔහු ජනමාධ්‍ය වෙත ඔහු පවසා තිබිණි.

ජූලි 31 වැනිදා ගාල්ලේ පැවැති උත්සවයකදී සෞඛ්‍ය ඇමතිවරයා සති දෙකකින් එම ප්‍රමිතීන් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කර ඇත්තේ ඒ වන විට එම කෙටුම්පත අමාත්‍යංශයට ලබාදී තිබුණු බැවිනි. එසේ වුවද නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය වී ඇත්තේ එහි යම් යම් කොටස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතට සහ වෛද්‍ය සභා ආඥා පනතට පටහැනි බවය.  මේ අනුව එම ප්‍රමීතීන් සහිත ලේඛනයේ කොටස් නැවත කෙටුම්පත් කරන්නට අවශ්‍ය නොවන නමුත් නෛතික වශයෙන් සුදුසු ආකාරයට සකස් කරන්නට නැවත යවා ඇති බව දැනගන්නට ඇත. එසේ නැවත සකස් කළ කෙටුම්පත යලි නීතිපති දෙපාර්තමේන්තුවේ අධ්‍යයනයකින් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියට යවනු ඇති බව අපගේ ආරංචිමාර්ග හෙලි කරයි.