Posted on 09.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මොණරාගල ඇතිමලේ වගාකරමින් පවතින ගොවි ඉඩම්වලින් ගොවි ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කළ නිසා අද(22) දහවල් උණුසුම් තත්වයක් ඇති විය.
වගාකටයුතු සදහා සම්බන්ධ වී සිටි ගොවින් හමුවට කදුළු ගෑස් විදීමට ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති විසින් ආයුද සන්නද්ධ පොලිස් නිලධාරින් කැදවාගෙන පැමිණියද ගොවි ජනතාව තම වලා කටයුතු අත්හැර යාම ප්‍රතික්ෂේප කළහ. එහිදී පොලිසිය විසින් ගොවි ජනතාව ගෙන ආ ට්‍රැක්ටර් තුනක් බලහත්කාරයෙන් පොලිසිය වෙත ගෙන යන ලදී. පසුව සහකාර පොලිස් අධිකරිවරයාට කළ පැමිනිල්ලක ප්‍රතිඵලයක් වශයෙන් එම ට්‍රැක්ටර් නිදහස් කරන්නට පොලිසිය එකග වී ඇත. එසේම හෙට දිනයේ මෙම ගැටලුකාරි තත්වය සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින් ඊට සහභාගිවන ලෙස සහකාර පොලිස් අධිකාරිවරයා ගොවින්ට දැනුම් දී ඇත.
මෙසේ ගැටලුවකට හේතු වී ඇත්තේ මොනරාගල ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේ වත්තේගම විහාරයට සන්නසකින් ප්‍රදානය කරන ලද ඉඩම්වලින් අක්කර දහස් ගණනක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටද හොර රහසේ සමාගම්වලට විකුණා ඇත්තේ විහාරාධිපති වත්තේගම චන්දානන්ද හිමියන් බව ගොවීන් නගන චෝදනාවකි. එසේම අක්කර 150ක් ඇතිමලේ වැවිලි සමාගමට විකුනා ඇති බව කියනු ලබයි. කෙසේවෙතත් මෙම ඉඩම් ජයභූමි ඔප්පු පවා සහිතව ගොවි ජනතාව විසින් කාලාන්තරයක් තිස්සේ වගා කළ ඒවාය. මේ ඉඩම්වල නිවෙස් තනා පදිංචිව සිටින ගොවි ජනයා මඤ්ඤොක්කා වැනි කෙටිකාලින බෝග මෙන්ම දිගු කාලීන ගස්වැලි වවාගෙන භුක්ති විදින්නේ 60 දශකයේ පමන සිටය.
කෙසේවෙතත් ගොවි ජනයා වාර්සිකව වගාකරන ඉඩම් විහාරයට අයත් ලෙස කරුනු දක්වමින් විහාරමුල්ල විහාරාධිපති හිමියන් විසින් මොනරාගල දිසා අධිකරණයේ ගොනු කළ නඩුවකින් ඉල්ලා ඇත්තේ මෙම ඉඩම්වලින් ගොවීන් ඉවත්කර දීමට කටයුතු කරන ලෙසයි. එහෙත් අධිකරණයේ අදහස වූයේ ගොවි ජනතාව විසින් මෙ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති නිසා වාරණයකට අවස්ථාවක් නොමැති බවයි. කෙසේවෙතත් මැලිබන් සමාගම ඇතිමලේ පොලිසියේ නිලධාරින් සිය මුදල් බලයට යටකරගෙන ගොවි ජනතාවට බලපෑම් කරමින් සිටින බව ගොවින් චෝදනා කරයි.
මේ නිසා ගොවි ජනතාව විසින් සිය පාරම්පරික උරුමය අනුව වගා කටයුතු ඉදිරියට ගෙන යමින් සිටියදී පොලිසිය වරින්වර පැමිණ ඔවුන්ට විවිධ බලපෑම් හා තර්ජනාත්මක තත්වයන් ඇතිකර තිබිණි. අද දින සිදුව ඇත්තේද වාරණයක් නොමැතිව වෙි ජනතාවගේ වගාව තහනම් කර ඇති බව දක්වමින් ඉඩම්වලින් ඔවුන් පළවා හැරිමට ගත් උත්සාහයකි. මැලිබන් සමාගම ගොවි ඉඩම් කොටුකරමින් තමන් පාරම්පරිකව භුක්ති විදින ඉඩම් බලහත්කාරයක් සිදුකර ඇති බවට ඇතිමලේ පොලිසියට කල ගොවින් පැමිනිල්ල විභාගයට ගෙන නැත. ඒ වෙනුවට මැලිබන් සමාගමේ පාර්හ්වය ගනිමින් පොලිසිය ගොවින් විසින් වගාවට බාධා පමුණුවන්නට පියවර ගෙන ඇත.
සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරනයේ ඇති නඩු දෙකකින් ගොවින් බලහත්කාරයෙන් වගාකරන බවට චෝදනාකර ඇතත් අධිකරණයෙන් එම ගොවි ජනයාට ඉවත්වන ලෙස නියෝග කර නොමැත. එහෙත් පොලිසිය විසින් මැලිබන් සමාගමේ අවශයතාව ඉටුකරමින් ගොවි ජනයා ඉවත් කිරිමට බලහත්කාරය පාවිච්චි කරන බව ගොවි ජනයාගේ චෝදනාවයි. මෙම නඩු කටයුතුවලදී පොලිසියේ නිලධාරින් අධිකරණයට ගෙන යන්නේද මැලිබන් සමාගමේ වාහනවලින් බව හෙළිව ඇත.

ගොවි ජනතාව විසින් දැනට සිදුකර ඇති වගාවක්

වගා බිම්වල අවශ්‍යතාවට ඉදිර ඇති වාඩියක්