Posted on 09.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මොණරාගල, ඇතිමලේ ගොවි ජනතාව සාකච්ඡාවකට කැදවන බව කියා කිසිදු විසදුමකට මැදිහත් නොවී සමාගම්වල අවශ්‍යතාව ඉටු කිරීමට කටයුතු කිරීමත් ගොවි ජනයා නිකරුනේ රස්තියාදු කිරිමත් සම්බන්ධව ගොවි අරගල ව්‍යාපාරයේ නියෝජිතයෝ ‘ලංකාවීව්ස්‘ වෙත කරුනු හෙළිදරව් කළහ.
ගොවි අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරික විමල් රත්නායක ප්‍රකාශ කරන පරිදි ඊයේ (26) සවස මොණරාගල දිසාපත් කාර්යාලයට තමන් කැදවූයේ පස්වරැ 1.30ට වුවද සවස 2.30 වනතුරු අධික වර්ෂාවේ තෙමීගෙන ගොවි නියෝජිතයන් පිටත සිටියදී ඔවුන් කාර්යාලය තුළට කැදවා නැත. මෙසේ රස්තියාදු කල පසුව නියෝජිතයන් 10 දෙනකු සාකච්ඡාවට සහභාගි කරගත්තද ඉඩම් විකිණීම කළ විහාරාධිපති හිමි හෝ විකිණීමට අවසර දුන් බෞද්ධ කටයුතු කොමසාරිස් සාකච්ඡාවට පැමිණ සිටියේ නැත. එසේම මෙම ඉඩම් කොල්ලය සම්බන්ධ ප්‍රධාන චෝදනාවක් එල්ලවන ඇතිමලේ වැවිලි සමාගමේ නියෝජිතයන්ද සාකච්ඡාවට නොපැඹිනි බව ගොවි අරගල මධ්‍යස්ථානය පෙන්වා දෙයි. මෙම අවස්ථාවට වෙි අරගල ව්‍යාපාරයේ විමල් වත්තුහේවා සහ ජයන්ත රන්දෙනිය ද සහභාගි විය.
කෙසේවෙතත් ආණ්ඩුව වෙනුවෙන් ඇමතිනි, සුමේදා ජී. ජයසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙම අවස්ථාවේ පැමිණ සිටියහ. මෙවැනි තත්වයකදී එම සාකච්ඡාවට සහභාගි වූ ආණ්ඩුවේ දේශපාලකයන්ද සමාගම් වෙනුවෙන් කතා කරමින් ගොවි ජනතාවගේ ප්‍රශ්නය නොසළකා කටයුතු කළ බවද මේ සම්බන්ධව ගොවියන් සමග සාමුහික අරගලයට පෙළ ගැසෙන බවද එම සංවිධානය පවසයි. ගොවි අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරික විමල් රත්නායක පවසයි. ඔහුගේ ප්‍රකාහය සම්පූර්ණයෙන් පහත පළ වේ.