Posted on 08.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් ජූලි 31 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇරඹි පාගමන දෙවැනි දිනය වූ අගෝස්තු 01 වැනිදා අවසානයේ නෙලුම්දෙණිය නගරයෙන් විරාමයක් ලබමින් පාගමන තාවකාලිකව නතර කෙරිණී.
සයිටම් අහෝසි කරනු, විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු. රාජ්‍ය ආයතන විකිණීම නවතනු, ශ්‍රම කොල්ලය තීව්‍ර කරන එට්කා එපා, පාසල තුල මුදල් අයකිරීම නවතනු, සරසවි බඳවා ගැනීම් ඉහල දමනු යන ඉල්ලීම් වෙනුවෙන් මෙම පාගමන සංවිධානය කර ඇත. වීදිනාට්‍ය දැනුවත්කිරීමක් පෙරටුකොට ගෙන අද දඅන පාගමන වඩාත් අවධානයට ලක් විය. මෙම විරෝධතා පාගමන සදහා විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඇතුළු දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වූහ. මග දෙපස ජනතාව විසින් පාගමනේ විරෝධතාකරුවන්ට සංග්‍රහ කිරිම් දක්නට ලැබිණී. අද දින සබරගමුව විශ්වවිදයාලයේ හා පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පිරිස් පාගමනට එන් වූ බව වාර්තා විය.
සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ විරෝධතා පාගමන අගෝස්තු මස 04 වැනි දින කොළඹ නගරයට ළගා වීමට නියමිතය.