Posted on 08.04.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දේශපාලන ක්‍රියාකාරිකයන් ලෙස ලලිත් කුමාර් වීරරාජු සහ කුහන් මුරුගානන්දන් යාපනයේදී පැහැරගෙන යාම සම්බන්ධ නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද නඩු විභාගය නොපැවැත්විණි.
2011 දෙසැම්බර් 10 දින මෙම ක්‍රියාකාරිකයන් යාපනයේදී පැහැර ගැනීම සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ විභාග වන නඩුව අද කැඳවිුවද දෙසැම්බර් 08 වැනිදාට කල් දමනු ලැබීය. මෙම පැහැරගෙන යාමේ අපරාධය සම්බන්ධව අධිකරණ ක්‍රියාවලිය වසර හයක් තිස්සේ ඇදී යන්නේ මන්දගාමී ස්වරූපයෙනි.