Posted on 10.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘මිහින් ලංකා’ ගුවන් සේවය නීත්‍යනුකූල අාකාරයට අහෝසි කිරීමේ කටයුතු අාරම්භ කර අැතැයි ‘ශ්‍රී ලන්කන්’ ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්තේ පවසයි.
අඩු වියදම් ගුවන් සේවා සැලයීමේ අදහස අැතිව රාජපක්ෂ අාණ්ඩුව විසින් වසර 10ට පෙරාතුව අාරම්භ කළ මිහින් ලංකා ගුවන්සේවය තවදුරටත් පාඩු ලබන අායතනයක් ලෙස් පවත්වාෙගන යා නොහැකි නිසා 2016 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පවරා ෙදන ලදී. ඒසේ වුවද ඒම සමාගම විසින් ගෙන ගිය අඩු වියදම් ගුවන් සේවා පවත්වාගෙන යාම කිසිසේත්ම ප්‍රායෝගික නෙවාන බව ශ්‍රීලන්කන් විධායක ප්‍රධානියාගේ අදහසයි. මේ අනුව අාණ්ඩුවේ තීරණය අනුව මිහින් ලංකා සමාගම විසින් සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසන් වාර්ෂික සභාවක් කැදවා සමාගම අවසන් කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට සහ විගණකාධිපතිවරයාෙග් උපදෙස් මත මුල්‍ය කටයුතු අවසන් කිරීමට අදහස් කරන බව වාර්තා වේ. මිහින් ලංකා අායතනයේ ෙස්වකයන් 300ක් අතුරින් 180ක් ස්වෙච්ඡා පදනම මත විශ්‍රාම ගන්වන ලදී. ඉතිරි 120ක් දේනා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුයුක්ත කර අැත. ෙකෙස්ෙවතත් ශ්‍රිලන්කන් සමාගමද සේවක අතිරික්තයක් සහිත බව දැනගන්නට අැත.