தமிழ்
English
Contact
Monday 23rd October 2017    
රෝහල්වල වෛද්‍ය වායු සැපයුම් ටෙන්ඩර් ලබාදීම පිළිබද රාජිතට චෝදනා ! « Lanka Views | Views of the truth

රෝහල්වල වෛද්‍ය වායු සැපයුම් ටෙන්ඩර් ලබාදීම පිළිබද රාජිතට චෝදනා !



රෝහල්වල කටයුතු වලට අවශ්‍ය වෛද්‍ය වායු සැපයීම සම්බන්ධ ටෙන්ඩරය ගෑස් වර්ල්ඩ් සමාගමට ලබා දීම අභියෝගයට ලක් කරමින් සිලෝන් ඔක්සිජන් සමාගම සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යංශ ලෙකම් ඇතුළු ක්ෂේත්‍රයේ වගකිවයුත්තන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබේ.

වෛද්‍ය සැපයුම් අතර රෝගීන්ට ඔක්සිජන් සැපයුම හා නිර්වින්දන වැනි ශල්‍යාගාර කටයුතු සදහා අවශ්‍යවන වායු වර්ග සැපයීම, වායු ගබඩා පවත්වාගෙන යාම සහ අදාළ සියලු සේවාවන් පිලිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් කැදවීමෙන් පසුව ඒ සදහා ටෙන්ඩර් ඉදිරිපත්ව ඇත්තේ සමාගම් දෙකකින් පමණකි. සිලෝන් ඔක්සිජන් සමාගම වසර 80ක් පමණ රෝහල්වලට වෛද්‍ය වායු වර්ග සැපයුම්කරු බව එම සමාගම විසින් සිය පෙත්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දක්වා ඇත. එහෙත් මෑත කාලයක ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ ග්ලොබල් ගෑස් සමාගම විසින් ඉදිරිපත් කළ ටෙන්ඩරය ටෙන්ඩර් මණ්ඩලය විසින් පිළිගෙන ඇත්තේ එම සමාගම පිළිබද නිසි ඇගයුමකින් තොරව බව සිලෝන් ඔක්සිජන් සමාගම චෝදනා කරයි.

මේ අතර ග්ලොබල් ගෑස් සමාගම පිළිබද අප කළ සොයාබැලීමේදී එහි වෙබ් අඩවිය තවමත් ප්‍රකාශයට පත් කර නොමැතිබව දැනගන්නට ලැබිණී.

Save

Save