Posted on 09.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රේගුවේ නැව් භාණ්ඩ පරික්ෂණ අංශය විසින් ඊයේ (22) ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයක කළ පරික්ෂාවකදී චීනයෙන් ගෙන ආ ග්ලයිෆොසෙට් කෑන් තොගයක් හමු වී ඇත.
චීනයේ සිට ආනයනය කළ භාණ්ඩ අතර ග්ලයිෆොසෙට් කිලෝ ග්‍රෑම් 17,687ක් කෑන්වල යොදා පාර්සල් 987ක් ලෙස ඇසුරුම් කර තිබී හමු විය. මේවා ද්‍රව යුරියා ලෙස රේගු ලිපිලේඛනවල සදහන් කර තිබුනු අතර ඒවායේ සත්‍ය වටිනාකම රු.මිලියන 60ක් පමණ වන බව ගණන් බලා ඇත.
2015 ජූනි මස 11 වැනිදා සිට විශේෂ ගැසට් පත්‍රයකින් මෙම රසායනිකය තහනම් කෙරුනේ මෙරට ගොවි ජනතාවගේ වකුගඩු අකරණියට විශාල වශයෙන් හේතුවන කෘෂි රසායන අතර එයද තිබෙන නිසාය.