Posted on 08.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මත්තල ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල් හිමිකාරීත්වකින් පාලනය කිරීම හෝ ඉන්දීය රජය විසින් ඉදිරිපත් කල යෝජනාව පිලිබඳ සලාකා බලමින් ඒ සඳහා ගිවිසුම් ගත වීමට ආමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ඊයේ(09) දින පැවති ආමාත්‍ය මණ්ඩල රැස්වීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා මෙලෙස අනුමැතිය හිමිවී ඇත.
පසුගිය දෙසැම්බර් මස 31වන දා වන විට සමුච්චිත ආලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 112.9ක්(රුපියල් මිලියන 15,600) වන බැවින් මෙම තත්වය වෙනස් කර අදාළ ආයතනය ලාභ ලබන තත්වයට ගෙන එම සඳහා මෙම තීරණය ගෙන ඇති බව අදාළ යෝජනාවෙහි සඳහන් වේ.
මේ වන විටත් අදාළ ආයතනයේ ගුවන් සේවා හා සම්බන්ධ ව්‍යාපාර සඳහා ආයෝජකයින් කැඳවා තිබුණද මෙහෙයුම්, කළමනාකරණ සහ නඩත්තුව සඳහා එවන් යෝජනා මේ වන තෙක් ඉදිරිපත් වී නොමැත.
මත්තල, ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වාණිජ ගුවන් සේවා, ගුවන් යානා නඩත්තුව, අලුත්වැඩියාව, පියාසර පාසල් පමණක් නොව එහි මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව හා සංවර්ධනය යන අංශ කෙරෙහිද අවධානය යොමු කරමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මෙමගින් යෝජනා කර ඇති අතර ඉන්දීය රජය විසින් ඉදිරිපත් කර ඇති හවුල් ව්‍යාපාර ගිවිසුම සම්බන්දව වැඩි දුර අධ්‍යනය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.