தமிழ்
English
Contact
Monday 27th November 2017    
පොල්ගහවෙල ශ්‍රිලනිප සංවිධායක ජයරත්න හේරත් ඉවත්කර අනුරාධ සම්පත් නම් කරයි « Lanka Views | Views of the truth

පොල්ගහවෙල ශ්‍රිලනිප සංවිධායක ජයරත්න හේරත් ඉවත්කර අනුරාධ සම්පත් නම් කරයි



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රිල.නි.ප. සභාපති ලෙස සිය නිල බලය බාවිත කරමින් පොල්ගහවෙල ආසනයේ සංවිදායක ජයරත්න හේරත් ඉවත් කොට අනුරාධ සම්පත් හේවගේ එහි සංවිධායක ධුරයට පත්කර ඇත.

හිටපු සංවිධායක ජයරත්න හේරත්, ජනාධිපතිවරයා විසින් එම තනතුරට පත්කරන ලද්දේ පසුගිය අප්‍රෙල් මසදීය. ඔහු විසින් පසුගිය සෙනසුරාදා කුරුනෑගල පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැස්විමක් අමතමින් තමන් ආන්ඩුව පිළිබද කළකිරිමට පත්ව සිටින බව හා මහින්ද රාජපක්ෂ වෙත සහයෝගය පළ කරන බව ප්‍රකාශ කර තිබිණි.

ලබන මාසයේ පැවැත්වෙන ශ්‍රිලනිප 66 වැනි සංවත්සර සමුලුව ආසන්නයේ මෙසේ සංවිධායක ධුර වෙනස් කිරිම පාක්ෂීකයන් අතර අවධානයට ලක්ව ඇත.