Posted on 08.25.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලු පාර්ශ්ව කැදවන බවට ජනාධිපතිවරයා රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමයට දුන් සාකච්ඡාව සදහා සයිටම් අරගලයේ පුරෝගාමී පාර්ශ්වය ලෙස සැලකෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට කිසිදු දැනුම්දීමක් කර නැත.
අද (25) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සියලුම පාර්ශ්ව කැදවා සයිටම් අර්බුදය සදහා විසදුම් ලබාගැනීමේ සාකච්ඡාවක් සිදුකරන බව ප්‍රකාශ කළද ඒය සයිටම් අායතනය අාරක්ෂා කිරීමට අාණ්ඩුව විසින් දිගටම ගෙනගිය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක තවත් කොටසක් බවට සාධක මතුවෙමින් තිබේ. සයිටම් අර්බුදයට විසදුම් සෙවීමට යැයි පවසමින් කැදවා අැති මෙම සාකච්ඡාව සදහා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට කැදවීමක් කර අැති නමුත් අ.විශි.බ.ම. හෝ වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව වෙත ඒවැනි දැනුම්දීමක් කර නැත. ඒපමණක් නොව වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය මව්පිය සංගමයේ නිලධාරින් වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැත. මේ අතර වෙෙද්‍ය පීඨ අාචාර්ය සංගමයටද නිල දැනුම්දීමක් සිදුකර නැති බව ඒම පාර්ශ්වයෙන්ද දැනගන්නට ලැබී තිබේ.
මෙවැනි පසුබිමක අාණ්ඩුවේ බලධාරින් සුපුරුදු ලෙස රජයේ වෙෙද්‍ය නිලධාරි සංගමය සමග කරන සාකච්ඡාවකට පාර්ශ්වකරුවන් ලෙස අාණ්ඩුවට හිතවත් අාචාර්යවරුන්, මව්පියන් සහ වෙනත් නිලධාරින් කැදවා පක්ෂග්‍රාහී සාකච්ඡාවකට මගපාදාගෙන අැති බව පැහැදිලිය. මෙවැනි සාකච්ඡා මින් පෙරද පැවති අතර ඒහිදී සිදුවූයේ සාකච්ඡාවට සම්බන්ධවන නියෝජිතයන්ට ඒක් දෙයක් පවසා අාණ්ඩුවේ වැඩපිළිවෙළම කරගෙන යාමය. සයිටම් ප්‍රශ්නය විසින් මේ දක්වා ඔප්පු කර අැත්තේ අාණ්ඩුව සිය නවලිබරල් ප්‍රතිසංස්කරණ පසුපසට දමන්නට හෝ අධ්‍යාපනය හා සෞඛ්‍ය අයිතියක් යන ඉල්ලීමට ඒකගව ප්‍රශ්නයට විසදුම් දෙන්නට සූදානම් නොමැති බවය. මේ නිසා පෙනී යන්නේ ව්‍යාජ ඒකගතා ප්‍රකාශයට පත්කර ශිෂ්‍ය ව්‍යාපාරය වෙත දැනටමත් ඒල්ල කර අැති මර්දනය සාධාරනිකකරණය කරන්නටත් ඒ් මගින් සයිටම් අරගලය පරාජයට පත්කරන්නටත් අාණ්ඩුව සැලසුම්කරන බවයි.