Posted on 08.31.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහින්ද රාජපක්ෂ සමග ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීල.නි.ප. මන්ත්‍රීවරුන්ට කැම්බල් පිටියේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී අසුන් වෙන්කරන බව ධීවර හා ජලජ සම්පත් අැමති මහින්ද අමරවීර පවසයි.
අමරවීර අැමතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (31) පැවති ජනමාධ්‍ය හමුවකදී ය. මේ වනවිටත් ඒ්කාබද්ධ විපක්ෂයේ ශ්‍රීල.නි.ප. සියලූදෙනාට ආරාධනා පත්‍ර යොමුකර ඇති බව කී අැමතිවරයා යම් හේතුවකින් එසේ ලැබී නැත්නම් නොඒන්නට හා බෙදෙන්නට හේතු නොසොයා පක්ෂරයේ ජයග්‍රහණය වෙනුවෙන් සම්මේලනයට සහභාගී වන්නැයි තමන් පර බවසිද්ධියේ විවෘත ආරාධනයක් කරන බව ද කියයි. පසුගිය දිනවලමහින්ද පාර්ශ්වයේ ශ්‍රීල.නි.ප. මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබුණේ පක්ෂ සම්මේලනයට තමන්ට අාරාධනා කර නොමැති බැවින් යන්නට හැකියාවක් නොමැති බවයි.
පසුගිය කාලයේ ශ්‍රීල.නි.ප. මහින්ද පාර්ශ්වය විසින් අාණ්ඩුවට ඒරෙහිවත් ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේනට ඒරෙහිවත් දැඩි වාග් ප්‍රහාර මාලාවක් ඒල්ල කරණ ලදී. මෙම තත්වය තිබියදී ජනාධිපති මෙෙත්‍රිපාල පක්ෂයේ බලය සියතට ගැනීමේ වැඩපිළිවෙළක යෙදී සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තවමත් ශ්‍රීල.නි.ප. සභාපති තමන් බවයි. පක්ෂ සම්මේලනය අාසන්නයේ මහින්ද පාර්ශ්වයේ අාසන සංවිධායකයන් ඉවත් කිරීමත් විවිධ විනය ප්‍රශ්න මත පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තර්ජනය කිරීමත් දක්නට ලැබිණි.