Posted on 10.07.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කැලනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ගැටුමක් නිසා විශ්ව විද්‍යාලය වසා දමා විද්‍යා පීඨ ප්‍රදර්ශනය අවලංගු කළ බවට පරිපාලනය විසින් නිවේදනය කළද ඒය නැවත අාරම්භ කරන බව විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය පවසයි.
කැළණිය සරසවියේ විද්‍යා පීඨයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ මෙම අධයාපනික ප්‍රදර්ශනයට වෙනත් අරමුනු ඒකතු කිරීම සම්බන්ධයෙන් වූ විරෝධතා ෙනාසළකා ඒය අාරම්භ කළ අතර ඒය ශිෂ්‍ය ගැටුමක් දක්වා ගමන් කර තිබිණි. ශිෂ්‍යයන් විරෝධය පළ කෙළ් සමාගම් ප්‍රවර්ධන කටයුතු සහ යුද හමුදා ප්‍රවර්ධන කුටි විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ ප්‍රදර්ශනයකට ගෙන ඒ්ම සම්බන්ධවයි. මෙම සමාගම් ප්‍රවර්ධනය කරමින් පෞද්ගලික ප්‍රතිලාභ ගන්නට කටයුතු කරන අාචාර්යවරු සුලු පිරිසකගේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද ශිෂ්‍ය විරෝධය පළ විය.
මේ අතර විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කැළණිය සරසවියේ ‘විද්‍යා 2017’ අධ්‍යාපනික ප්‍රදර්ශනය අද සිට යළි මහජනතාවට විවෘත කරන බවයි.
විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුම අවස්ථාවේ සන්නිවේදන අංහ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂමන් ජනමාධ්‍ය අමතමින් ප්‍රකාශ කෙළ් මෙම තත්වය හේතුවෙන් මෙම ප්‍රදර්ශනය අත්හිටුවනු ලැබු බව සහ විශ්ව විද්‍යාලය වසා ශිෂ්‍යයන්ට පරිශ්‍රයෙන් ඉවත්වීමට දැනුම් දුන් බවයි. මෙම තත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සති අන්තයේ පැවැත්වෙන බාහිර උපාධි දේශන ඇතුළු අනෙකුත් අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කිරීමට තින්දු කළ බව ඔහු සදහන් කර තිබිණි. කෙසේවෙතත් මෙම තත්වය පිළිබද ශිෂ්‍ය ක්‍රියාකාරින් අප වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ ශිෂ්‍ය විරෝධය නොතකා ප්‍රදර්ශනය තුළ අඩංගුකළ සමාගම් ප්‍රවර්ධන හා හමුදා ප්‍රවර්ධන කුටි නිසා ගැටුමක් හටගත් බවත් විශ්ව විද්‍යාලය වසා දමා ප්‍රදර්ශනය පවත්වාගෙන යන්නට විශ්ව විද්‍යාල බලධාරීන් තීරණය කර අැති බවත්ය. ගැටුම අාරම්භ කර තිබුණේ ද කිසියම් සංවිධානාත්මක අාකාරයෙන් විශ්ව විද්‍යාලය තුළ සිටි ශිෂ්‍ය පිරිසකට පහරදීමෙන් බව ඔවුහු පෙන්වා දුන්හ. විරෝධය සම්බන්ධ කිසිවක් නෙකාර විශ්ව විද්‍යාල අධයාපනය කඩාකප්පල් කර මෙස් ප්‍රදර්ශන පවත්වන්ෙන් ප්‍රදර්ශනයේදී ප්‍රවර්ධනයට ලක්වන සමාගම් සමග ගනුදෙනු කරණ පිරිසකගේ අවශයතාවටදැයි ඔවුහු වැඩිදුරටත් ප්‍රශ්න කරති.
