தமிழ்
English
Contact
Tuesday 10th October 2017    
නැගෙනහිර විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගත් ශිෂ්‍ය අරගලය ජය ගනී ! « Lanka Views | Views of the truth

නැගෙනහිර විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගත් ශිෂ්‍ය අරගලය ජය ගනී !



නැගෙනහිර විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ අත්තනෝමතික තීරනවලට විරෝධය පළ කරමින් දින 31ක් තිස්සේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන ගිය  සාමුහික අරගලය ජයග්‍රාහී අවසානයක් කරා පැමිණී බව වාර්තා වේ.

විහ්වවිද්‍යාලයීය පාලක සභාව විසින් ඊයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත දැනුම් දී ඇත්තේ සාකච්චාමය එකගතාවක් අනුව, සැප්තැම්බර් 18 වැනිදාට අවසන් වසර ශිෂ්‍ය අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමටත් ඔක්තෝබර් 2වැනිදා වනවිට සියලු ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සදහා කටයුතු කිරීමට පරිපාලනය එකග වන බවත් සැප්තැම්බර් 10වැනිදා දහවල් 12.00ට පෙර ශිෂ්‍ය පිරිස විරෝධතා ව්‍යාපාරය අවසන් කරන බවත්ය.

මෙම අරගලය අවසන් කිරීම සදහා පහත කොන්දේසිවලට නැගෙනහිර විශ්වවිද්‍යාල පාලක සභාව එකගතාව පළ කර ඇත.

  • දැනට ශිෂ්‍ය ක්‍රියාකරින්ට එරෙහිව පවතින නඩුවේ මීළග දිනයේදී සමථයක් ඇතිවන ආකාරයට ශිෂ්‍යයන් පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවත්වූ බවට පොලිසියට ලිඛිතව දැනුම්දීම,
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පළමුවසර හා අවසන් වසර යන ප්‍රමුඛතා පදනම මත නේවාසිකාගාර පහසුකම් ලබාදීම,
  • විරෝධතා සදහා සහභාගි වූවන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීම ඇතුළු විනය ක්‍රියාමාර්ග පිළිබද යළි සලකා බැලීම,
  • මහපොල ඇතුළු ශිෂ්‍යාධාර දීමනා නිසි කලට ලබා දීම,
  • මේ වනවිට පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම,
  • ශිෂ්‍ය ගැටලු විසදීම සදහා පරිපාලන කමිටුවක් පත් කිරීම,
  • අගෝස්තු 8වැනිදා විභාග පැවැත්වීමට විරෝධය පළ කරමින් වර්ජනය කළ ශිෂ්‍ය ක්‍රියාකාරින්ට යළි විශේෂ විභාගයක් පැවැත්වීම

Save

Save

Save