Posted on 10.05.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කැලනිය විශ්වවිද්‍යාලය තුළ සිදු වූ සිසු ගැටුමක් නිසා විශ්ව විද්‍යාලය වසා දමන්නට සහ විද්‍යා පීඨ සංවත්සර ප්‍රදර්ශනය අවලංගු කරන්නට විශ්වවිද්‍යාල පාලකයන් අද (5) තීරණය කර ඇත.
මෙම පහරදීමේ අරමුණ වී ඇත්තේ හුදෙක් එම ශිෂ්‍ය දෙපිරිස අතර ඇති වූ අමනාපයක් නොවන බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය නියෝජිතයන්, ආචාර්යවරුන් ප්‍රකාශ කරන තොරතුරුවලින් අනාවරණය වේ. වසර 50ක් පිරෙන විද්‍යාපීඨය විසින් සංවිධානය කළ ප්‍රදර්ශනයට සන්නද්ධ හමුදා ප්‍රදර්ශන කුටි ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන් අතර විරෝධතාවක් මතු වී ඇත. එහිදී එම විරෝධය නොතකා සරසවි පාලකයන් විසින් එම ප්‍රදර්ශන කුටි ඉදිකරන්නට කටයුතු සලසා දී තිබේ. මේ අතර වානිජ සමාගම් කිහිපයක ප්‍රචාරණය සමග මෙම ප්‍රදර්ශනයට තවත් කුටි ප්‍රමාණයක් එකතු කරන්නට ආචාර්යවරු කිහිප දෙනකු සහ පාලකයන් කටයුතු කර ඇත. අවසානයේ එම සමාගම්වල ප්‍රචාරණයට අවස්ථාව ලබාදීමෙන් ප්‍රදර්ශනයේ වියදම් පියවා ගන්නට මෙන්ම පෞද්ගලිකව කොමිස් දොරටු විවර කර ඇති බවට ශිෂ්‍යයන්ගේ චෝදනාවකි. ඒ අනුව විරෝධය නොතකා සිදුකළ සමාගම් ප්‍රචාරක බැනර් විශ්ව විද්‍යාල බිමෙන් ඉවත්කරන ලෙසට වූ ශිෂ්‍ය ඉල්ලීමක්ද පාලකයන් නොතකා හැර තිබේ. එසේම විරෝධය පළ කරන ශිෂයයන් සම්බන්ධ ශිෂ්‍ය ප්‍රජාව අතර බොරු චෝදනා ප්‍රමාණයක් පතුරවා හරින්නට ඇතැම් ආචාර්යවරු දැනුවත්ව මැදිහත්ව තිබේ. මේ තත්වය තුළ විද්‍යා පීඨයේ සංවිධානය කළ ප්‍රදර්ශනය වියවුල්කාරී මැදිහත්වීමක් බවට පත්ව තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යා පීඨ ශිෂ්‍යයන් විසින් රාත්‍රියේ විශ්ව විද්‍යාල භූමියේ රැදී සිටි ශිෂ්‍ය පිරිසකට පහරදීම නිසා ඇති වූ මෙම ගැටුම පසුදින උදයේද ව්‍යාප්ත වී තිබේ. මෙම පහරදීම සිදුකර ඇත්තේ විද්‍යාපීඨයේ පවත්වන්නට කටයුතු කර ඇති ප්‍රදර්ශනය සම්බන්ධයෙන් විරෝධය පළ කළ ශිෂ්‍ය ක්‍රියාකාරින් විශ්වවිද්‍යාල බිමෙන් ඉවත් කර එම ප්‍රදර්ශනය කරගෙන යාමට බව කැලනිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු අදහස් දක්වමින් පවසා ඇත.
කෙසේවෙතත් විද්‍යා පීඨය හා ශාස්ත්‍ර පීඨය අතර කාලයක් තිස්සේ පැවති ගැටුමක් බවට ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇතැම් පිරිසි මෙම සිදුවීමේ ඇත්ත ස්වභාවය වසන්කරන්නට කටයුතු කර ඇත. මේ වනවිට රාගම පිහිටි වෛද්‍ය පීඨය හැර කැලනිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලුම පීඨ වසා දමා ඇති බවට විශ්ව විද්‍යාල පාලකයන් නිවේදනය කර තිබේ.