Posted on 10.10.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද දින සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ විරෝධතාවට පහරදීමට පැමිණී පොලිස්භටයන් අත බැටන් පොලුවලට සමාන යකඩ පොලු දක්නට ලැබුණු බව මාධ්‍යෙව්දින් වාර්තා කර ඇත.
මේ ආකාරයෙන් අමානුෂික අන්දමින් විරෝධතා මැඩලීමට වරින්වර පෙලිස් යොදාගැනීම සම්බන්ධව 1977 පත් වූ ජයවර්ධනගේ එ.ජා.ප ආණ්ඩුවද, 1994 පත් වූ චන්ද්‍රිකා ආණ්ඩුවද ඉන්පසුව 2005 පත් වූ රාජපක්ෂ ආණ්ඩුවද ප්‍රසිද්ධියට පත් විය. චන්ද්‍රිකා පාලන සමයේ විපක්ෂ විරෝධතාවකට පහර දනේනට පෙරාතුව විරෝධතාව වාර්තාකරමින් සිටි මාධ්‍යවේදින්ට පහරදී කැමරා ආම්පන්න විනාශ කරන ලදී. රාජපක්ෂ ආණ්ඩුව පහරදීම මෙන්ම පැහැරගෙනයාම හා අතුරුදන්කිරීම දක්වා මර්දනය උථ්සන්න කිරීම නිසා ජනතාව විසින් පළවා හරිනුලැබීය. වත්මන් ආණ්ඩුව ජේ.ආර්.ජයවර්ධනගේ සිට රාජපක්ෂ දක්වා අත්දැකීම් අනුගමනය කරමින් පොලිසිය යොදවා සාමකාමී විරෝධයන් මර්දනය කිරීමට යකඩ පොලු පවා යොදාගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමති මංගල සමරවීරට වරක් විපක්ෂ විරෝධතා මැඩලිමට යොදාගත් කුරුදු පොලු හමුදාවක් සම්බන්ධව චොදනා එල්ල විය. අධිකරණ නියෝග ගෙන විරෝධතා තහනම් කිරීමට කටයුතු කිරීම නිසා රාජපක්ෂ ආණ්ඩුව අධිකරණය හෑල්ලු කළ මට්ටමට සෑම විරෝධතාවකදීම වත්මන් ආණ්ඩුවද ඇද වැටී ඇත.
