தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
තාජුඩින් ඝාතනය පිළිබද දුරකතන දත්ත අනුව තවත් තොරතුරු අනාවරණය වේ ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තාජුඩින් ඝාතනය පිළිබද දුරකතන දත්ත අනුව තවත් තොරතුරු අනාවරණය වේ !



වසිම් තාජුඩින් ඝාතනය කළ 2012 මැයි 17 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට නාරාහේන්පිට පොලිසියට ගෙන අැති දුරකථන අැමතුම් පිළිබද තවදුරටත් කරුනු අනාවරණය කරෙගන අැති බව නීතිපති දෙපාර්තෙම්න්තුව විසින් අද (28) අධිකරණය හමුවේ කරුණු දක්වා අැත.

රගර් ක්‍රීඩක තජුඩීන් ඝාතනය කළ දින රාත්‍රි එසේ ලබා ගෙන අැති දුරකථන අැමතුම් මකා දමා අැති බව අනාවරණය වී අැති බව මින් පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තෙම්න්තුව අධිකරණයට වාර්තා කරණ ලදී. එහිදී අදාළ දුරකථන සමාගම්වලට දන්වා එම මකා දමන ලද දත්ත විධිමත් ක්‍රම අනුගමනය කරමින් නැවත ලබාගන්නට කටයුතු කරන ලෙස අධිකරණය විසින් නියෝග කරන ලදී. එෙස්ම නොවැම්බර් 9 වැනිදාවන විට එම දත්ත සහිත වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධිකරණය විසින් නියෝග කරන ලදී.

2012 මැයි 17 වැනිදා වසිම් තජුඩින් පැදවූ මෝටර් රථය නාරාහේන්පිට උද්‍යාන මාවෙත්දී තාප්පයක ගැටී ගිනිගැනීමෙන් ඔහු මිය ගිය බව මහින්ද රාජපක්ෂ පාලනය සමයේ පොලිසිය විසින් නිවේදනය කරන ලදී. එහෙත් රගර් ක්‍රීඩකයා ඝාතනය කර එය වසා දමන්නට රිය අනතුරක් ලෙස පෙනෙන පරිදි සැලසුම් කර සිදුකර අැති බවට සැකය මත පරික්ෂණ යළි අාරම්භ කරන ලදී. අපරාධ පරික්ෂණ දෙපාර්තෙම්න්තුව විසින් කළ විමර්ශන අනුව තාජුඩින්ට කිසියම් පිරිසක් වධ දී මරා දමා ඔහු සිය මෝටර් රියට දමා ගිනිතබන ලද බව හෙළිදරව් වී අැත. එම ඝාතනය සම්බන්ධව චෝදනා ඒල්ල වූ පසුව අත්අඩංගුවට ගත් එවකට කෙළඹ ප්‍ර ෙද්ශය භාරව සිටි නිෙයා්ජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාෙහ්න්පිට පොලිසිෙය් හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යන අය අැප මත නිදහස්කර තිබේ.