தமிழ்
English
Contact
Friday 26th January 2018    
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ශිරන්තිට විශේෂ සැලකිලි දක්වලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ශිරන්තිට විශේෂ සැලකිලි දක්වලා!



අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමකට කැදවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති රාජපක්ෂ නීතිඥ සහාය ඉල්ලා සිටි විට එම අවසරය ලබා දීමෙන් ඇයට විශේෂ සැලකිලි දක්වා ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය ක්‍රමය යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීම්වලට යන ඕනෑම අයකුට නිතිඥවරයකු සමග එහි ඇතුලු වීමට හැකිවන්නේ නැත. කෙසේ වෙතත් යම් පුද්ගලයකු නිතිමය කාරණයක් සම්බන්ධව ප්‍රශ්න කිරීමකදී නිතිඥ සහාය ඉල්ලා සිටීම සිවිල් අයිතිවාසිකමකි. නමුත් පවතින තත්වය යටතේ මොනයම් ආකාරයෙන් හෝ එසේ නීතිඥවරයකු පැමිණියද  ප්‍රශ්නකිරීම අවස්ථාවේ නීතිඥ සහාය ලබාගන්නට නොහැකිය. මේ අනුව ශිරන්ති රාජපක්ෂට විශේෂ සැලකිලි දක්වා ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී ඇත. නීතිය ඉදිරියේ සියල්ලෝ සමාන යයි ප්‍රකාශ වන නමුත් එය ප්‍රායෝගික ජීවිතයේදී පීඩිතයාට එක් ආකාරයකින් සහ පාගක පන්තියට තවත් ආකාරයකින් බලපාන බවට මෙය කදිම නිදසුනකි.

හිටපු ජනාධිපති ආර්යාව අගෝස්තු 15 වැනිදා මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රථම වතාවට කැදවනු ලැබුවේ 2012 මැයි මස 17 වැනිදා වසිම් තජුඩින් ඝාතනය පිළිබද ප්‍රශ්න කිරීමක් සදහාය.