தமிழ்
English
Contact
Tuesday 29th August 2017    
ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න පුළුවන්ලු « Lanka Views | Views of the truth

ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න පුළුවන්ලු



රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයයේ සැකකරුවකු ලෙස කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සහ මාලඹේ SAITM ආයතනේ උපකතුවරයකු ලෙසේ සේවය කල ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

අද(24) දින මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකාරයේ කැඳවු අවස්තාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කරන ලදි.

තාජුඩීන් ඝාතනය පිළිබද නොමඟ යවන සුලු අධිකරණ වෛද්‍ය වාර්තා ලබාදීම පිළිබද මොහුට චෝදනා එල්ල වී තිබු අතර තජුඩීන් රිය අනතුරකින් මිය ගිය බවට ලබාදුන් අධිකරණ වෛද්‍ය මතය අනුවම ඔහුගේ අවසන් කටයුතුද සිදු කරන ලදි. අධිකරණ වෛද්‍යවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ සේවය කළ ආනන්ද සමරසේකර පසුව ඉන් ඉවත්ව සයිටම් ආයතනයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරන ලදි. එසේ තනතුර භාරගනිද්දී කොළඹ රෝහල් මෘතශරීරාගාරයේ සුරක්ෂිතව තැන්පත්කර තිබුණු තජුඩීන්ගේ අස්ථි කොටස් නීති විරෝධී ලෙස SAITM ආයතනයට යවන ලද වෛද්‍ය ආනන්ද සමරසේකරගේ වෛද්‍ය බලපත්‍රයද මාස 6කට තහනම් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද පසුගියදා තීන්දු කර තිබුණි.