தமிழ்
English
Contact
Tuesday 29th August 2017    
වෛද්‍ය සභාවට එරෙහිව ආනන්ද සමරසේකරගෙන් පෙත්සමක් « Lanka Views | Views of the truth

වෛද්‍ය සභාවට එරෙහිව ආනන්ද සමරසේකරගෙන් පෙත්සමක්



ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම මාස 06ට අත්හිටුවමින් තමන්ට එරෙහිව නිකුත් කර ඇති තහනම් නියෝගය බල රහිත කරන ලෙස කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කරන ලද වෛද්‍ය ආනන්ද සමරසේකර අභියාචනාධිකරණය හමුවේ ඊයේ(09) දින රීට් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ,හිටපු වෛද්‍ය සභා සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ශ්‍රී ලංකා වෛද්‍ය සභා වෘත්තිකයින්ගේ හැසිරීම් සොයා බැලීම සඳහා වන කමිටු සාමාජිකයින් මෙම රීට් පෙත්සම සඳහා වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

පසුගිය දා රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ගේ ශරීර කොටස් අස්ථානගත වීම ඇතුළු චෝදනා පහක් සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ආනන්ද සමරසේකරට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබු අතර ඉන් චෝදනා 3කට වැරදිකරු කරමින් ඉකුත් ජුනි මස 30 වන දා ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 06 ට තහනම් කර තිබුණි.

මෙම ශාරීර කොටස් මාලඹේ SAITM ආයතනයේ තිබී රහස් පොලිසිය විසින් සොයාගෙන තිබු අතර වෛද්‍ය ආනන්ද සාරසේකර එම ආයතනයේ උපකුලපතිවරයා ලෙසද කලක් කටයුතු කර තබුණි.