தமிழ்
English
Contact
Sunday 24th September 2017    
සුබසාධන වැඩට රතුකුරුසෙන් ගත් ඩිෆෙන්ඩරය වර්ණය වෙනස් කර ශිරන්ති යෝෂිතට දීලා « Lanka Views | Views of the truth

සුබසාධන වැඩට රතුකුරුසෙන් ගත් ඩිෆෙන්ඩරය වර්ණය වෙනස් කර ශිරන්ති යෝෂිතට දීලා



රතුකුරුස සංවිධානය විසින් ශිරන්ති රාජපක්ෂගේ ‘සිරිලිය සවිය‘ වැඩසටහන සඳහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථය අවස්ථා දෙකකදී වර්ණ වෙනස් කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙසේ වර්ණ වෙනස් කිරීම සම්බන්ධයෙන් රතුකුරුස සංවිධානය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවබෝධයක නොසිටි බව ද පොලිසිය පවසයි. සුදු පැහැදි ඩිෆෙන්ඩර් රථය මුලින්ම නිල් පැහැයටත් පසුව කලූ පැහැයටත් වෙනස් කර ඇතැයි ද, එය දම් පැහැයට යළි වෙනස් කිරීමේ සූදානමක් තිබුණු බවට ද තොරතුරු ලැබුණු බව ද, අනාවරණය වේ. සිරිලිය සවිය වැඩසටහන සඳහා වාහනයක් අවශ්‍ය බව හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරාගෙන් කළ ඉල්ලීමට අනුව 2011 වසරේදී ෆීලික්ස් පෙරේරා මහතා හරහා ඩබ්ලිව් පී කේ ඒ 0642 අංක දරණ ඩිෆෙන්ඩරය ශිරන්ති රාජපක්ෂට ලබා දී ඇත. එම ලබාදුන් අවස්ථාවේ ඡායාරූප අනුව එය සුදු පැහැයෙන් තිබී ඇත. මෙම වාහනය රතුකුරුස සංවිධානයෙන් සමාජ සුබසාධන අමාත්‍යංශයට ගෙන ලබා දෙනු ලැබුවේ ශිරන්ති රාජපක්ෂට බැවින් ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එය යෝෂිත රාජපක්ෂ භාවිත කළ බවට තොරතුරු ලැබුණු නිසා අද(16) යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දුන් ඩිෆෙන්ඩරය පසුව හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂගේ වාහන සංචිතයේ තිබුණු බවට තොරතුරු තිබේ. ඉන්පසු අවස්ථාවකදී එය සී.එස්.එන්. නාලිකාවේ විධායක නිලධාරියකුද භාවිත කර ඇතත්, 2015 ජනවාරි 20 වැනි දා තෙක් වාහනය යෝෂිත රාජපක්ෂ යටතේ තිබී ඇති බවට සාක්ෂ්‍ය තිබේ.
හෝමාගම හබරකඩ ප්‍රදේශයේ නිවසක වර්ණය වෙනස් කළ ඩිෆෙන්ඩරයක් ඇති බවට ලද තොරතුරක් අනුව මෙම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ. එය තිබී ඇත්තේ රතුකුරුස සංවිධානයේ ප්‍රවාහන කළමනාකරුවකුගේ නිවසේය. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ප්‍රවාහන කළමනාකරු කියා ඇත්තේ මෙම ඩිෆෙන්ඩරය සිරිලිය සවියට ලබා දී තිබුණු නමුත් එය යළි තම වත්තට ගෙනවුත් දැම්මේ කවුරුන්දැයි නොදන්නා බව ද ප්‍රවාහන කළමනාකරු කියා තිබේ.
මෙම තොරතුරු ආශ්‍රෙයන් පරීක්ෂණ ආරම්භ කිරීමට පොලිසිය විසින් සමාජ සුභසාධන අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය ආදී ආයතන කිහිපයක විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එසේම හිටපු රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනය කිරීමට යොදා ගත්තේ මේ වාහනයදැයි ඇතිව තිබෙන සැකයක් අනුව විමර්ශන පැවැත්වීමට නියමිතය.