Posted on 08.10.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවද පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බවද ප්‍රකාහ කළේය.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ බිරියට මොනාක් රෙසිඩන්සීස් සුඛෝපභෝගී මහල් නිවාසයේ නිවාසයක් ලබාදුන් බව හෙළිදරව් විය. මේ නිසා මුදල් ඇමති ලෙස කටයුතු කළ කාලයේ සිදුවූ බැදුම්කර වංචාවට ඔහුගේ නමද සම්බන්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් පසුගියදා බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබීය. මේ හේතුවෙන් රවී කරුණානායක ඇමැතිවරයා ඉවත් කළ යුතු බවට අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට බොහෝ දෙනා ඉල්ලීම් කරන ලද අතර ඉවත්වන්නැයි දේශපාලනඥයන් රැසක් ඔහුගෙන් ඉල්ලීම් කර තිබිණි. ඒ අනුව ජනපති හා අගමැති හමුවී ඊයේ(9) විශේෂ සාකච්ඡාවක් ද සිදුකළ රවී කරුණානායක අද(10) තම තීරණය ප්‍රකාශයට පත් කළේය. මේ අතර ඇමැති රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ රැස්ව සිටින බවද වාර්තා පළ වේ.