Posted on 08.21.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වන අලි ගම් වැදීමේ ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් අද(21) දින ත්‍රිකුණාමලය – පදවි ශ්‍රී පුර, මීගස්වැව ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත විය.
පුල්මුඩේ – පදවිය මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වා තිබුණි.
මෙම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුලදී පමණක් වන අලි ප්‍රාහාර හේතුවෙන් නිවාස ගණනාවකටම හානි සිදුව තිබු අතර සිය ජීවිත පවා විශාල අවදානමකට ලක්ව ඇති බව විරෝධතාකරුවන් පවසයි.