Posted on 08.22.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාර්ග නීති සඳහා බව පවසමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින් බලාත්මක කිරීමට සුදානම් වන අසාධාරණ දඩ මුදල් සංශෝධනය වාහාම හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් අද(22) දින වෙනසක තාරුණ්‍යය සංවිධානය විසින් විරෝධතාවයක් සිදු කරන ලදි.
කොළඹ පුරහල අසලින් ආරම්භ වූ විරෝධතා පුවරු රැගත් රථ පෙළපාලිය සටන් පාඨ කියමින් මාර්ගයේ ගමන් කළ අතර ලිප්ටන් වටරවුම ආසන්නයේදී උද්ඝෝෂණයක්ද පවත්වන ලදි.
මෙහිදී අදහස් දක්වමින් වෙනසක තාරුණ්‍යය ජාතික සංවිධායක සුජිත් කුරුවිට පවසා සිටියේ ආණ්ඩුව විසින් අයවැය යෝජනාවලියේ රැගෙන ආ මෙම දඩ සංශෝධනය විරෝධය හමුවේ හකුලා ගෙන නැවතත් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් ක්‍රියාත්මක කිරීමට සුදානම් බවත් ඒ හරහා කුඩා ප්‍රමාණයේ වහාන වල ගමන් කරනා වැඩ කරන ජනතාවට බරපතල අසාධාරණයක් සිදුව ඇති අතර මාර්ග නීති කඩ නොකිරීමට අවශ්‍ය කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර ඒ හරහා ඇතිවන තත්වයන් ආණ්ඩුවේ තවත් ආදායම් මාර්ගයක් බවට පත්කරගැනීමට උත්සාහ කර ඇති බවත් එම උත්සාහයට සිය සංගමය දැඩි ලෙස විරුද්ධවන බවත් මෙම සංශෝධනය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී වෙනත් ප්‍රවාහන සංගම් එක්කර ගනිමින් පුළුල් සටන් ක්‍රියාමාර්ග වලට අවතීර්ණ බවත් එහි පළමු පියවර ලෙස අද දින ක්‍රියාමාර්ගය සිදු කරන බවත් වේ.
වෙනසක තාරුණ්‍යය ජාතික සංවිධායක සුජිත් කුරුවිට අදහස් දක්වමින්




