தமிழ்
English
Contact
Sunday 10th September 2017    
මීතොටමුල්ල නිවාස අහිමි වුවන්ට තාවකාලික නවාතැනුත් අහිමි කෙරේ… « Lanka Views | Views of the truth

මීතොටමුල්ල නිවාස අහිමි වුවන්ට තාවකාලික නවාතැනුත් අහිමි කෙරේ…



මිතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් සිය නිවාස අහිමි වූ පවුල් 30ක් පමණ මේ වන විට වාසය කරන්නේ කොලොන්නාව වී ගබඩා සංකීර්ණයේ තාවකාලිකව ඉදිකරන ලද කුඩා කාමර තුලය.

මේ මොහොත වන විට තාවකාලිකව නිවාස කුලියට ලබා ගැනීමට බව පවසමින් රු:150,000/= මුදලක් බෙදා දෙමින් ලබන 12 වැනිදාට ප්‍රථම අදාළ තාවකාලික නිවෙස් වලින් ඉවත්ව යන ලෙස බලාපෑම් එල්ල කරමින් සිටී.

කෙසේ වෙතත් අදාළ මුදල් ලබා දුන් සැනින් මෙසේ ඉවත් කීරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පීඩාවටපත් ජනතාව සිය වීරෝධය ප්‍රකාශ කරන අතර මෙම සිදුවීමට අදාළ ක්‍රියාවලියටම වගකිව යුතු ආණ්ඩුව පැනනැගී ඇති ගැටලුවලට විසදුම් නොදී ක්‍රමානුකුලව ඉවත්වෙමින් තිබෙන බව දක්නට ලැබේ.