සයිටම් විරෝධී ශිෂ්‍යයෝ සෞඛ්‍ය අමාත්‍යංශය අත්පත් කරගනිති!
Posted on 06.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් විරෝධී සිසුහු පස්වරු 3.00ට සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වී මද වෙලාවකට පසුව එම අමාත්‍යංශයට අයත් සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් හතරම මේ වනවිට උද්ඝෝෂණයට පැමිණි සිසුහූ අත්පත් කරගෙන සිටිති.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමන සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන් කරද්දී මාර්ගය අවට පොලිස් මාර්ග බාධක ද යොදා තිබිණි. ඒවා පසුකර සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය දෙසට ආ සිසුහු පොලිසිය දමා තිබූ ආරක්ෂක බැරියර් ඉවත් කර සොඛ්‍ය අමාත්‍යංශය තුළට කඩා වැදුණහ.