Posted on 08.19.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධතාවයක නිරතවූහ.
අද(19) දහවල් ගලහ මංසන්දියේ පැවති මෙම විරෝධතාවය පැයක පමණ කාලයක් පැවතිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගලහ ප්‍රදේශයෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබිණී.
